ඉස්‌සන් හා ලූණු කර්මාන්තය නිසා වැනසෙන පුත#

(1/1)

Sheham:
http://www.divaina.com/2010/07/20/feature03.html

ඉස්‌සන් හා ලූණු
කර්මාන්තය නිසා වැනසෙන
පුත්තලම කළපු පරිසරය

ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික ජලාශ අතරට එක්‌වන කළපු යනු අති සුවිශේෂී ජෛව විවිධත්ව පරිසර පද්ධති විශේෂයකි. කරදිය හා මිරිදිය මිශ්‍ර ජෛව විවිධත්වයෙන් පිරිපුන් කලපු ආශ්‍රිතව දිවි ගෙවන ජනීජනයාට ගෙනදෙන ආර්ථික වාසි සුළුපටු නැත. මෙයින් කලපු ධීවර කර්මාන්තය, සහ කෘෂි කර්මික කටයුතු ප්‍රධාන තැනක්‌ ගනී. එහෙත් මිනිසා විසින්ම අත්තනෝමතිකව සම්පත් පරිභෝජනය කරනු ලැබීම නිසා කලපු ආශ්‍රිත ස්‌වාභාවික සම්පත් මෙන්ම ජෛව සම්පත් ක්‍රමයෙන් ක්‍ෂය වීමට පත්ව ඇත. මෙවන් තත්ත්ව ක්‍රමයෙන් උග්‍රවීම දර්ශනීය කලපු පරිසර පද්ධති මෙරටින් තුරන් වී මුඩුබිම් බවට පත්වීම වැළැක්‌විය නොහැකිය. මෙවන් පරිහානි තත්ත්ව ක්‍රමයෙන් වර්ධනය වීම පුත්තලම කලපුවේ අදත් දක්‌නට ලැබීම කනගාටුදායක තත්ත්වයකි.

බටහිර ලංකාවේ පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ උතුරු අක්‌ෂාංශ අංශක 7 කලා 44 විකලා 46 ත් අංශක 8 කලා 35, විකලා 60 7ද 44" 46"-8ද 35ද"60") අතර සහ නැගෙනහිර දේශාංශ අංශක 99 කලා 48 විකලා 25 ත් අංශක 79 කලා 49 විකලා 17 - 79ද 48" 25") අතර පිහිටි මෙම කලපුව පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ විශාලම කලපුව වන අතර ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් දෙවැනි කලපුව වෙයි.

ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරයේ පිහිටා ඇති මෙය කලාඔයෙන් හා මීඔයෙන් ගලන මිරිදියෙන් පෝෂණය වෙයි. තත්ත්පරයට ඝන මීටර් 2.2 ක්‌ 8.1 ක්‌ අතර ප්‍රමාණයක මිරිදිය ධාරිතාවක්‌ නිරතුරුවම පුත්තලම කලපුවට ගලා එයි. දිගින් කිලෝමීටර් 30 ක්‌ හෙවත් සැතපුම් 19 ක්‌ වූ පුත්තලම කලපුවේ පළල කිලෝමීටර් 11 ක්‌ හෙවත් සැතපුම් 07 ක්‌ පමණ වෙයි. මතුපිට වර්ගඵලය වර්ග කිලෝමීටර් 364.26 ක්‌ හෙවත් වර්ග සැතපුම් 140.6 ක්‌ වෙයි. එනම් හෙක්‌ටයාර 34938 පමණ වෙයි. සාමාන්‍ය ගැඹුර මීටර් 1 කට මීටර් 05 ක්‌ දක්‌වා වෙනස්‌ වෙයි. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 27 සිට 30 දක්‌වා වෙනස්‌ වෙයි. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය නිරිතදිග හා ඊසාන දිග මෝසම් වැසි වලින් ලැබේ. මෙම වර්ෂාපතනය කලපුවේ උතුරු ප්‍රදේශයට මිලි මීටර් 750 ක්‌ 1000 අතර ප්‍රමාණයක්‌ හා දකුණු ප්‍රදේශයට මිලි මීටර් 1000 ත් 15000 ත් අතර ප්‍රමාණයක්‌ වෙයි.

කළපුව ආශ්‍රිතව පිහිටි දූපත් ගණන 25 කි. මෙම දූපත් වලින් විශාලම දූපත උච්චමුනායි. යනුවෙන් හැඳින්වෙයි. මේ හැරුණුකොට අත්ජීදුව, සාක්‌කුදූව, ඔඩෙයාපිටිය දූව, බෝල දූව, සාම දූව, පුල්ලිපිටිය දූව, අබ්බන්ටත් දූව, මමානිව් දූව, පඹතිව් දූව, කිලිතිව් දූව, ලම්බු දූව, එරමුදු දූව, පුවරුසුන්කුඩාව දූව, කල්ලියන්කුට්‌ටිය දූව, සින්නඅරිච්චලේ දූව, පෙරියඅරිච්චලේ දූව සහ ඉලිපත්දූව යන දූපත් ඒ අතරින් කිහිපයකි.

ධීවර කර්මාන්තය

අගනා ධීවර සම්පතක්‌ සොබා දහමින්ම හිමිකර දී ඇති පුත්තලම කලපුව ආශ්‍රිතව තිබෙන ධීවර තොටුපොළ සංඛ්‍යාව 57 ක්‌ බැව් විටින් විට කරන ලද සමීක්‍ෂණ වලින් හෙළිදරව් වී ඇත. වර්ෂ 2001 ජන සංගණනයට අනුව පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ජනගහනය 709677 කි. මෙයින් 165000 ක ජන කොටසක්‌ පුත්තලම කලපුව ආශ්‍රිතව ජීවත්වෙති. මෙම ජනගහනයට සිංහල මුස්‌ලිම් හා ද්‍රවිඩ යන ජන කොටස්‌ අයත් වෙයි. මෙහිs බහුතරයක්‌ කතෝලිකයෝය. කලපුව අවට වෙසෙන බහුතර ජනතාවන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ධීවර කර්මාන්තයයි. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ධීවර දෙපාර්තමේන්තුවේ වසර 2010 ජනවාරි මස දක්‌වා වූ දත්ත වලට අනුව පුත්තලම කලපුවේ ධීවර රැකියාවේ යෙදෙන ධීවරයන්ගේ ගණන 5782 කි. කලපුව අවට තිබෙන ප්‍රධාන ධීවර තොටුපොළ අතර වන්නිමුන්දලම, නිල්ලමේටේ, තිරික්‌කපල්ලම, කරක්‌කුන්හේන, සෝත්තුපිටිය, අන්දන්කන්නිය, බත්තලන් ගුණඩුව වැනි ධීවර තොටුපොළ ප්‍රධාන තැනක්‌ ගනී. වසර පුරාම ධීවර කර්මාන්තයේ යෙදෙන මේ පාරම්පරික ධීවරයෝ මසුන් මැරීම සඳහා වඩදිය හා බාදිය යන ස්‌වාභාවික සංසිද්ධි ප්‍රයෝජනයට ගනී. ජාකොටු භාවිතයෙන් ද මසුන් අල්ලා ගන්නා මෙම ධීවරයෝ වල්ලම්, තෙප්පම්, ඔරු යනාදිය ආධාරයෙන් ද මසුන් අල්ලා ගනී. මේ හැරුණුකොට දිරානොයන ෆයිබර් බෝට්‌ටු ද මසුන් මැරීම සඳහා භාවිත කරයි.

මොවුන් කලපුව තුළ භාවිත කරන පත්තු ක්‍රම හා දැල් කිහිපයක්‌ වෙයි. පැරණි පාරම්පරික පන්න ක්‍රම අතරට අඩප්පුවූ වාච්චල්, ජාකොටු, අතංගුව කකුළු අතංගුව, අඟුළුයොත්, මඩුයොත් පන්නය, බිලීපිති පන්නය යන පන්න ක්‍රම හැරුණුකොට කට්‌ටුදැල, විසිදැල, මස්‌අතු දැල, තල්ලු දැල, කඩිප්පු දැල, කරමල් දැල, බල් ඉස්‌සන් දැල, කලිසියන් දැල, තුන්ඩි දැල, සංගිල් දැල, මෝර දැල, තංගුස්‌ දැල, ට්‍රොල දැල යනාදි දැල් ක්‍රම 18 ක්‌ පමණ භාවිත කරති. මෙම දැල් වර්ග වලින් වර්ෂ 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතට අනුව පුත්තලම කලපුවේ මාදැල් ඇදීමත් අඟල් 3 ට වඩා කුඩා ඇස සහිත දැල් දැමීමක්‌ හා තංගුස්‌ දැල් භාවිතයත් තහනම් කර ඇත. මසුන් මැරීමේදී පාරම්පරික දැනුම භාවිත කරන ඔවුහු ආම්පන්න සකස්‌ කිරීමේදී මසුන්ගේ හැඩය, සහ උන්ගේ චර්යාරටාවව මෙන්ම මසුන් ගැවසෙන ප්‍රදේශයේ ගති ලක්‍ෂණ යනාදිය ද ප්‍රයෝජනයට ගනී.

කළපුව ආශ්‍රිතව සරුවට ව්‍යාප්ත වී ඇති කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව ඉස්‌සන් හා කකුළුවන්ගේ සාර්ථක ව්‍යාප්තියක්‌ දක්‌නට ලැබේ. බණ්‌ඩි ඉස්‌සා, රතු ඉස්‌සා, හෙවත් කුරුටු ඉස්‌සා, කලිස්‌සා හෙවත් සැර අඩු ඉස්‌සා කැබලි ඉස්‌සා වැනි ඉස්‌සන් විශේෂ ධීවරයන්ගේ ආර්ථිකය සරුකරයි. වෙනත් මත්ස්‍ය විශේෂ අතර අඟුලුවා මොරල්ලා මොදා හාල්මැස්‌සා පරාවියා වැලිගොව්වා ගල් හුරුල්ලා සාලයා වැනි මත්ස්‍ය විශේෂ 51 ක්‌ ධීවරයන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමට ආධාර කරයි.

පුත්තලම කලපුවත් ඒ ආශ්‍රිත ඕලන්ද බොක්‌ක (Dutch Bary) ප්‍රදේශයත් කලක සිට මුහුදු වැටකොලු (Sea Cacumber) මේ මුහුදු ජීවී විශේෂය සඳහා ඉමහත් ප්‍රසිද්ධියක්‌ උසුලයි. ශ්‍රී ලංකාව අවට මුහුදු ආශ්‍රිත හමුවතු මුහුදු වැටකොලු විශේෂ ගණන 70 කි. පුත්තලම කලපුව ආශ්‍රිත මුහුදු තීරයෙන් අල්ලාගන්නා මුහුදු වැටකොලු වියළා වාර්ෂිකව ටොන් 37 ක්‌ පමණ විදෙස්‌ වෙළෙඳපළ කරා යෑවීමද සිදුකරයි. වසරේ ඔක්‌තෝම්බර් සිට මැයි දක්‌වා වූ කාලසීමාවේ මුහුදේ රළු බව අඩුවන බැවින් කිමිදෙන්නන් මුහුදු වැටකොලු අල්ලා ගැනීම. සිදුකරයි. මේ වනවිට මුහුදු වැටකොලු නෙලා ගැනීමේ කාර්යයේ යෙදී සිටින කිමිදුම් කරුවන්ගේ ගණන 30 ක්‌ පමණ වෙයි.

විසිතුරු මත්ස්‍ය විශේෂ රාශියක්‌ම වාසස්‌ථාන සපයන මෙම කලපු සීමාවේ පසුගිය වසර දහය තුළ අල්ලා පිටරට යෑවූ විසිතුරු මත්ස්‍ය විශේෂ ගණන සුළු පටු නැත. දියයට කිමිදෙන්නන් (Sculsa Divers) විසින් අල්ලා ගන්නා ලද කොරල් පර ආශ්‍රිත විසිතුරු මත්සයින්ට යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ විසිතුරු මත්ස්‍ය වෙළෙඳ පොළේ සාර්ථක ඉල්ලුමක්‌ ඇති බැව් පෙනේ. කල්පිටිය සීමාවේ විසිතුරු මත්ස්‍යයන් සොයා මුහුදු කිමිදෙන්නන් ගේ ස්‌ථාන 8 ක්‌ පමණ වෙයි. මෙම ස්‌ථාන 8 කිමිදෙන්නන් 8 ත් 15 අතර ප්‍රමාණයක්‌ කිමිදුම් කටයුතුවල නිරතුරුවම යෙදී සිටී. කොරල් පර සීමාවේ මීටර් 20 ත් 30 ත් අතර ගැඹුරක්‌ දක්‌වා කිමිදෙන මෙම කිමිදුම් කරුවන්ගේ ප්‍රධාන ඉලක්‌කය වී ඇත්තේ Scarlat Shnimps (Lysmata deteliń) Painted sharimŃ (Lysmata amloinennio) සහ  Jurenile angle tish  සහ  Butterfiy fish clown fish  වැනි විසිතුරු ඉස්‌සන් සහ මුහුදු අශ්වයන් වැනි විසිතුරු මත්ස්‍ය විශේෂ අල්ලා ගැනීමය. මෙම මත්ස්‍ය විශේෂ වලට අමතරව ඊමඑඑeරසෙහ සෙsය ජකදඅබ සෙsය වැනි විසිතුරු මත්ස්‍ය විශේෂ රාශියක්‌ විවිධ දැල් පන්න ක්‍රම මගින් අල්ලා ගැනීම සිදු කරයි. මෙහිදී ධීවරයන් මොක්‌සි දැල් භාවිත කිරීම කොරල පර වලට නිරතුරු හානි ගෙන දීම වැළක්‌විය නොහැකි තත්ත්වයක්‌ බවට පත්වී ඇත. මෙම දැල් භාවිතයේදී විසිතුරු මත්ස්‍යයන් සිටින කොරල්පරය වැසීයන පරිදි මොක්‌සි දැල එලීම සිදු කරයි. දැල්කොළවට සවිකර ඇති යකඩ බරු  කොරල් පර වල ගැටී තදවී සිටින බැවින් මත්ස්‍යයන්ට පිටතට යැමට හැකියාවක්‌ නැත. දැල පිටින්ම මත්ස්‍යයන් එකතු කර ගැනීමක්‌ සිදුකරන බැවින් කොරල් පර වලට හානියක්‌ සිදුවන හෙයින් වෙනත් මත්ස්‍ය විශේෂ වලට ද හානියක්‌ සිදුවන බැවින් පොදුවේ මත්ස්‍ය සම්පතටමත් කොරල් පරයටත් බරපතල හානි සිදුවීම කලපු පරිසර පද්ධතියට ද බරපතල හානි සිදුවීමට හේතුවක්‌ වෙයි. මුහුදු තෘණ බහුලව තිබෙන බැවින් මුහුදු ඌරන්ගේ ගැවසීම බහුලව සිදුවෙයි.

පර්යටන පක්‍ෂීන්

පුත්තලම හා මුන්දලම යන කලපු ආශ්‍රිත ප්‍රදේශ, මත්ස්‍ය විශේෂ ගණනාවක්‌, වෙසෙන බැවින් හා සරු ශාක විවිධත්වයක්‌ තිබෙන බැවින්, සංචාරක පක්‍ෂීන්ට ආහාර සපයන සහ වාසස්‌ථාන සකසා දෙන ස්‌ථානයක්‌ වී ඇත. උතුරු අර්ධ ගෝලයට ශිත සෘතුව උදාවීමත් සමඟම පුත්තලම කලපු කරා පැමිණෙන මෙම සංචාරක පක්‍ෂීන් මෙම පරිසර පද්ධතියට අලංකාරයක්‌ මෙන්ම වටිනාකමක්‌ ද ලබාදෙයි. කලකට පෙර සංචාරක පක්‍ෂීන්ගේ පාරාදීසයක්‌ ලෙසට ප්‍රසිද්ධ වූ පුත්තලම කලපුව ආශ්‍රිත පරිසර පද්ධතිය ඉස්‌සන් වගා කිරීමට සාදන ලද ඉස්‌සන් කොටු නිසා සහමුලින්ම විනාශ වීම හේතුවෙන් අද සංචාරක පක්‍ෂීන්ගේ පැමිණීමක්‌ දක්‌නට නැත. ලුණු කර්මාන්තය ආරම්භ කිරීමත් මෙයට ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ එමගින් ද පරිසර පද්ධතිය විනාශ වී යැම හේතුවෙනි.

සෑම වසරකම පෙබරවාරි මාර්තු යන කාල සීමාවේදී ඕලන්දබොක්‌ක හා පුත්තලම කලපුව සීමාවේ බෝතල් තාය මුල්ලා හෙවත් බෝතල් තාය චොල්පින්  සහ ඉන්දු පැසිපික්‌ හම්බැක්‌ ඩොල්පින් යන ඩොල්පින් විශේෂ දෙක දැකගැනීමට පුළුවන.

මෙම කාල සීමාවේදීම පුත්තලම කලපුවේ කල්පිටිය ප්‍රදේශයේ පිටත සීමාවේ බෝතල්තාය ඩොලිපින් සහ සන්නාලි මුල්ලා හෙවත් සන්නාලි ඩොල්පින් (Sචසබබැර Dදකචයසබැ) ගේ විශාල ගහණයක්‌ දැකගත හැකිය.

කොරල්පර ආශ්‍රිතව මුහුදු කැස්‌බෑ විශේෂ කීපයක්‌ දක්‌නට ලැබීමද විශේෂ දසුනකි. බටුකැස්‌බෑවා  ගල්කැස්‌බෑව වැනි විශේෂ දැකගත හැකි විශේෂ වෙයි. කැස්‌බෑ දඩයම් කිරීමට නිරතුරුවම සිදුවන බැව් ප්‍රදේශයේ කළ සංචාරයේදී අනාවරණය විය. ධීවරයන්ගේ දැල්වලට හසුවීමෙන් ද මියයන කැස්‌බෑවුන්ගේ ගණන ද සුළු පටු නැත. එබැවින් පුත්තලම කලපුව ආශ්‍රිතව කැස්‌බෑ සංරක්‍ෂණයක්‌ ක්‍රියාත්මක කිරීම ද අත්‍යවශ්‍ය වෙයි.

(IVCN ආයතනය මගින් සංවිධානය කළ සංචාරයක්‌ ඇසුරෙනි.)

අමල් උඩවත්ත

Navigation

[0] Message Index